15 October, 2010

පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරයේ මූලධර්ම සහ අභිමතාර්ථ -Fundamentals and Goals of Men's Rights Movement.


ශ්‍රී ලංකා පුරුෂ අයිතිවාසිකම් සංගමය.



පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරයේ මූලධර්ම සහ අභිමතාර්ථ

අප හදුනාගනු ලබන සහ අවධාරණය කරනු ලබන මූලධර්ම:

1.
ස්ත්‍රී ලිංගික සහ පුරුෂ ලිංගික සමාජ භාවයන් අතර පවතින වෙනස.


2. ඇතැම් නිශ්චිත බල කණ්ඩායම්වල පවතින සීමාන්තික දුරාචාරීත්වය සමගම මෙම බල කණ්ඩායම්වලට, මෙම වෙනස්කම් පිළිබිඹු කෙරෙන කවර හෝ ප්‍රකාශනයක් ප්‍රතික්ෂේප කිරීමට, නොතකා හැරීමට, ඒවා සමග සම්මුතීන්ට එළඹීමට සහ ඒවා මර්දනය කිරීමට අතීශය සැබෑ ඉඩ ප්‍රස්ථාවක් පවතින බව.

3. ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් අතර පවතින සහයෝගීතාවයේ අත්‍යවශ්‍යතාවය සමගම ඒවා අතර පවතින ප්‍රතිවිරුද්ධතාවයේ අනිවාර්යතාවය.

4.එක් ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික සමාජභාවයකට අනෙක් ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික සමාජභාවයේ ස්වභාවය, තත්වය, ඕනෑ එපා කම්, පරිචයන් හෝ වටිනාකම් දැක්වීම සදහා ඇති කවර හෝ හිමිකම් පෑමක් පිළිබදව වන විද්‍යාත්මක අසංඝතතාවය සහ සැක සහිත සදාචාරය.

වර්තමානයේ පවතින තත්වය;

අප වත්මන් තත්වය අර්ථ නිරූපණය කරන්නේ පහත දැක්වෙන නියමයන් තුළය.

පරම්පරා දෙකක් පුරා පුරුෂත්වය සහ පුරුෂ ලිංගික සමාජභාවය පරිකල්පනීය සහ සංකේතීය ලෝකය තුළදී මෙන්ම පොදු දෛනික පැවැත්ම තුළදීද, එහි සියලු අවකාශයන් ආවරණය වන අන්දමේ සියලු ආකාර ක්‍රමානුකූලත්වයකින් සහ කුමනාකාර හෝ විරෝධතාවයකින් තොරව, සකලාකාර සන්නිවේදනයන් සහ සංස්කෘතික විසරණයන් විසින් සිදු කරනු ලබන පරිපූර්ණ ප්‍රහාරයකට ලක් වෙමින් පවතී.

පුරුෂ ශරීරය සහ පුරුෂ ශරීර ආදර්ශකද ඇතුළුව සෞන්දර්ය විද්‍යාව වෙත වන පුරුෂ සම්ප්‍රාප්තිය වෙත විරෝධය පල කරමින්, පුරුෂ පරිභවය නැමති පදය සෞන්දර්ය විද්‍යාව තෙක්ම දිගු වී ඇත.

සමකාලීන සංස්කෘතිය තුළ වන සියලු මට්ටම් සහ ශ්‍රේණිගතකරනයන්ද, එම සංස්කෘතිය විස්තාරණය කරනු ලබන හෝ සම්ප්‍රේෂණය කරනු ලබන සියලු ඒකකයෝද, එකම එක ව්‍යතිරේකයකින් හෝ තොරව මෙම වැඩ සටහනේ උපකරණ වෙති.

තනි පුද්ගලයන්ට සිදු වන චිත්තවේගාත්මක හානියට මෙන්ම විශේෂයෙන්ම බාල පරම්පරාවල් ඇතුළු සමස්ත පුරුෂ ප්‍රජාවේ පුරුෂ සමාජභාවය වළකමින්, නොනැවතී වර්ධනය වන ගුරුත්වයන් සහිත සමාජ දුෂ්කෘත්‍යයන්ට ප්‍රධාන හේතුව වන්නේ මෙම ප්‍රපංචයයි.

ස්ත්‍රීත්වයේ වටිනාකම:

ඕනෑම අයුරකින් හෝ වක්‍රව ස්ත්‍රී සමාජභාවයේ ආචාරධාර්මික, සෞන්දර්යාත්මක සහ බුද්ධිමය වැදගත්කම නිග්‍රහයට ලක් කිරීම, එයට විරෝධය දැක්වීම සහ එය අවතක්සේරුවට ලක් කිරීම ප්‍රතික්ෂේප කරන අපි, අතීත, වර්තමාන සහ අනාගත ස්ත්‍රී උත්සාහයන්ගේ දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන ඓතිහාසික වැදගත්කමද, ස්ත්‍රීත්වයේ සංකේතීය වැදගත්කම කවරාකාරයෙන් හෝ අඩු කිරීමද ප්‍රතික්ෂේප කරමු.

අප පහත දැක්වෙන වෛෂයීක අරමුණු හඹා යන්නෙමු:

1. සංකල්පීය සහ සංකේතීය ලෝකය තුළ, විශේෂයෙන්ම පුරුෂත්වයේ ආවශ්‍යයීක වැදගත්කම හා සබැඳි පෞද්ගලික ගරුත්වය සහ නැවත ආදේශ කල නොහැකි පුරුෂ භූමිකාවද, අධ්‍යාත්මික සහ භෞතික යන ජීවිතයේ සියලු ක්ෂේත්‍රයන්ද, වත්මන් සහ අනාගත පරම්පරාවන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රවර්ධනය කිරීම. 

2. පුරුෂ පරිභවකරනය පිළිබද සියලු සන්දර්භ, ස්වරූප හෝ මාදිලිවලට අයත් නිදර්ශනද, පුරුෂ පරිභවකරනය පිළිබද ඍජු, වක්‍ර, විවෘත හෝ සැඟවුණු සියලු ප්‍රකාශන හදුනා ගැනීම සහ හෙළා දැකීම.

3. පුරුෂයින් පරිභවයට සහ අමනුෂ්‍යකරනයට ලක් කිරීම, පුරුෂ මනෝභාවයන්, ගුණාංග, මතිමතාන්තර සහ ඕනෑ එපාකම් අවමානයට ලක් කිරීම, ජනමාධ්‍ය, සාහිත්‍ය කලාවන්, දේශපාලන කතිකාව, ඉතිහාස ලේඛනවේදය, විද්‍යාත්මක නිබන්ධන, සහ පාට ග්‍රන්ථ ප්‍රචාරණය ඇතුළු සෑම ස්වරූපයකම ප්‍රකාශනයන් සහ සන්නිවේදනයේ සියලු විධික්‍රම තුළ වන පුරුෂ දායකත්වය අවම කිරීම ඇතුළු පුරුෂ පරිභවකරනයට එරෙහි සදාචාර ප්‍රතිවිරෝධයක් ලෙස ක්‍රියා කිරීම.

4. ස්ත්‍රීවාදී ඉතිහාස ලේඛනවේදය විසංයෝජනය කිරීම මගින් පසුගිය පරම්පරාවන්ට අයත් පුරුෂයින්ගේ වටිනාකම, ගෞරව සහ ඓතිහාසික භූමිකාව ප්‍රතිස්ථාපනය කිරීම.

5. ස්ත්‍රීවාදී සමාජයක සංස්කෘතික පරමාදර්ශ සහ එවැන්නක මූලික වටිනාකම්වලට එරෙහිව අරගල කිරීම.

එබැවින් අප පහත දැක්වෙන ක්‍රියාකාරීත්වයන්ට විරුද්ධය.

ස්ත්‍රී ලිංගික සමාජභාවයේ සදාචාරාත්මක, සෞන්දර්යාත්මක සහ බුද්ධිමය සුපිරි බව පිළිබඳ මූලධර්මය;

ස්ත්‍රීවාදය තුළ පුරුෂ විරෝධී වෛරයක් පවතින බව ප්‍රතික්ෂේප කිරීම;

ඍජුව සහ වක්‍රාකාරව යන දෙයාකාරයෙන්ම පුරුෂ සමාජභාවය අපරාධකරනයට ලක් කිරීම;

පුරුෂ සවිඥානක්වයේ වර්ධනය සැලසුම්සහගතව නිෂේධනය කිරීම;

බාල පරම්පරාවන් මනෝ විද්‍යාත්මකව සහ රසායනිකව බෙලහීන කර කාන්තායනය කිරීම;

පුරුෂයින් හීලෑ කර ගෘහස්තකරණය කිරීම සහ අනවශ්‍ය ලෙස කීකරු කිරීම;

පුරුෂ ළිබිඩෝව ලාභ ලැබීමේ අරමුණ සදහා භාවිතා කිරීම, තම වාසිය සදහා හසුරුවා ගැනීම, බිය ගැන්වීම සහ කලු කප්පම් ගැනීමේ අරමුණින් භාවිතා කිරීම;

ස්ත්‍රී ලිංගික සමාජභාවය විසින් සමාජය තුළ පෝෂණය කරන ලද සත්‍ය හෝ මනහ්කල්පිත වැරදි සදහා භෞතික හෝ සදාචාරාත්මක වන්දි ඉල්ලා බල කිරීම;

ලිංගික සබඳතා සහ ආදරය මත පාදක වූ මානව සබඳතා නෛතික වානිජකරනයට ලක් කිරීම;

පුරුෂ සමාජභාවය මත ඒකාධිකාරී චර්යාත්මක නීති රීති පැනවීමට අවසර දිය හැකි බලයක් ඇතැයි පූර්වානුමාන කිරීම;

දේශපාලන නිරවද්‍යතාවය පිළිබද මූලධර්මය සහ එහි වාග්මාලාව පැනවීම;

Rino Della Vecchia.විසින් රචනා කරන ලදි.
R. Randazzo 
විසින් ඉතාලි බසින් ඉංග්‍රීසියට නගන ලදි.
Shyaman Hemakody විසින් ඉංග්‍රීසි බසින් සිංහලට නගන ලදි.

No comments:

Post a Comment