19 July, 2010

ගණිකාව පිළිබද ජනප්‍රිය නොවන මතයක්

ගණිකාව

ගණිකාව පිළිබදව අපේ සමාජය තුළ ජනප්‍රිය මිථ්‍යාවන් රැසක් පවතී

01. ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනුන් ඉතා අසරණය.

02. ඔවුන් එහි නියැලෙන්නේ අසරණ බව සහ දුගී බව හේතුවෙනි.

03. ගැහැනියක් ගණිකා වෘත්තියට පිවිසෙන්නේ පිරිමින්ගේ වරදිනි.

04. ගණිකාවක කරා යන පිරිමියා අශික්ෂිත අපරාධකරුවෙකි.

05. ගණිකාවන් කරා යන පිරිමි ඔවුන්ගේ රීරි මාංශ උරා බොන රාක්ශයින්ය.

06. වෙනත් ජීවිකාවක් සපයන්නේ නම් කිසිදු ගණිකාවක් ගණිකා වෘත්තියෙහි නොයෙදේ.

07. ගණිකාවන් යනු වෙනත් විකල්පයක් නොමැති බැවින් ඉතා අකමැත්තෙන්මුදලට ලිංගික සේවාවන් සපයන්නියන් පමණි.


ගණිකාවන් යනු අසරණයින්ද?

අපගේ මතය නම් නැත යන්නය. ගණිකාවන් පිළිබද අප කර ඇති සමීක්ෂණ කිහිපයකටම අනුව ලංකාවේ ගණිකා වෘත්තිය ඉතා සංවිධානාත්මක ව්‍යාපාරයකි. එය තල කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.එහි පහළම තලය වන්නේ වීදි ගණිකාවන්ය. ලංකාවේ වීදි ගණිකා ජාලය ක්‍රියාත්මක වන්නේ පාතාලය සහ පොලීසියේ අනුග්‍රහය යටතේය. කොළඹ නගරයේ බොහෝ වීදි ගණිකාවන් සිය වෘත්තියෙහි යෙදෙන්නේ පොලීසියේ ආරක්ෂාව සහිතවය. පිරිමියෙකු අල්ලා ගත් විගසම මේ බොහෝ ගණිකාවන් කරන්නේ ඔහුව අදුරු වීදි කොනක් කරා රැගෙන යාමය. අනතුරුව ඇය පළමුව තම ගාස්තුව ලබා ගනී. වීදි ගණිකාවකගේ අවම ගාස්තුව රුපියල් 500 කි. ඉන් පසු හැකි නම් ගනුදෙනුකරුවාගේ මුදල් පසුම්බිය සහ රන්ආභරණ ගලවා ගැනීම සිදු කෙරේ. අනතුරුව විනාඩි කිහිපයක් තුළ පොලීසිය හෝ චණ්ඩින් පැමිණේ. ඉන් පසු පොලීසියේ හෝ චණ්ඩින්ගේ ප්‍රශ්ණ කිරීමට ලක් වන පිරිමියාට සිදුවන්නේ පොලීසියට හෝ චණ්ඩින්ට විශාල අල්ලසක් ගෙවා මුදල් නොමැති නම් තමන් සතු වෙනත් වටිනා යමක් ඔවුන්ට අල්ලස් වශයෙන් ලබා දී බේරී යාමටය. ඇතැම් දිනෙක මෙවැනි ගණිකාවකගේ ආදායම රුපියල් දසදහසද ඉක්මවා යයි. අනතුරුව පොලිස් ජීප් රියට නන්වාගන්නා ගණිකාව තවත් සුලු මොහොතකදී අලුත් ගොදුරක් සොයා ගැනීම සදහා යළිත් සුපුරුදු ස්ථානයටම ගෙනවුත් බස්සයි. මෙම ගණිකාවන් පිරිමින් කොල්ලකෑම සදහා තමන්ට සහාය වන පොලිස් නිලධාරීන්ට හෝ චණ්ඩින්ට තමන් උපයන මුදලින් ප්‍රතිශතයක් ගෙවිය යුතුය.

දෙවන තලය වන්නේ හෝටල් හෝ රැදවුම් නිවාසවල වෙසෙමින් හෝ ඇණවුම් අනුව ඒවාට පැමිණෙමින් ගණිකා වෘත්තියේ යෙදෙන්යන්ය. මොවුන් පිරිමියෙකුගෙන් පැයකට අය කරන මුදල රුපියල් 1500 සිට රැපියල් 20.000 ක් දක්වා පරාසයක විසිරී පවතී. බොහෝ විට රුපියල් දසදහසින් එහා ගාස්තු අය කරන්නියන් අතර නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් බහුලය. මොවුන්ගෙන් ඇතැමෙක් තමන් උපයන මුදලින් කිසියම් ප්‍රතිශතයක් අදාළ හෝටලයට ගෙවිය යුතු අතර ඇතැම් හෝටල් තම කාමර අලෙවි කිරීමේ මාධ්‍යයක් ලෙස පමණක් මෙම ගණිකාවන් භාවිතා කරයි.

තුන්වන තලය වන්නේ වෙනත් රැකියාවක නියැලෙන අතර අමතර රැකියාවක් ලෙස ගණිකා වෘත්තියේ නියැලෙන්ණියන්ය. මොවුන් බොහෝ විට රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවල නියුතු අතර ගණිකා වෘත්තියේ නියැලීම සදහා කෑම පැය හෝ සති අන්තයන් යොදා ගනී. ලිපිකාරිණියන්, හෙදියන්, ගුරුවරියන්, ඇගලුම් සේවිකාවන් සහ ජනමාධ්‍යයද ඇතුළු පුද්ගලික අංශයේ විවිධ රැකියාවල නියුතු කාන්තාවන් මේ අතර සිටී. මොවුන් පැයක කාලයක් සදහා රුපියල් පන්දහස දක්වා වන මුදලක් අය කරයි එසේම මොවුන් හැසිරෙන්නේ තෝරාගත් සීමිත ගනුදෙනුකරුවන් පිරිසක් සමග පමණි. ඔවුන්ව ගනුදෙනුකරුවන් හා සම්බන්ධ කරන හෝටල් හිමියා හෝ තැරැව්කරුවා ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් සිය ගාස්තුව ලෙස ලබා ගනී.

හතරවන තලය වන්නේ කැරොකේ අවන් හල් සහ සම්බාහන මධ්‍යස්ථානවල වක්‍ර ලෙස ගණිකා සේවයේ යෙදෙන්ණියන්ය. ඔවුන් ඍජු ගණිකා වෘත්තියේ නොයෙදෙන්නේ නම් තමන් ලබන සන්තෝෂම්වලට අමතරව දල වශයෙන් මසකට රුපියල් තිස්දහසක පමණ ආදායමක් ලබයි.

ගණිකාවන් එහි නියැලෙන්නේ අසරණ බව සහ දුගී බව හේතුවෙන්ද?

අපගේ මතය නම් නැත යන්නය. ලංකාවේ බහුතරයක් ගණිකාවන් ගත කරන්නේ මධ්‍යම පාංතික හෝ ඉහළ මධ්‍යම පාංතික ජීවිතය. ඔවුන්ගේ ආදායම් මට්ටම් මධ්‍යම ප්‍රමාණයේ රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා කරන්නියන්ට වඩා ඉහළ මට්ටමක පවතී. බොහෝ ඉහළ පාංතික ගණිකාවන් සතුව තමන්ගේම වාහනයක් ඇති අතර බොහෝ විට ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසැල්වලය. පහළ ජීවන මට්ටම්වල සිටින ගණිකාවන් බොහෝ විට දැකිය හැක්කේ වීදි ගණිකාවන් අතරය. ඔවුන් අතරද ඉතා අයහපත් ජීවන මට්ටම් ගත කරන කාන්තාවන්ට එසේ සිදුව ඇත්තේ ඔවුන් හෙරොයින් වැනි මිල අධික මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී සිටින බැවින් විනා අයහපත් ඉපැයීම් මට්ටම් නිසා නොවේ. ඒ අනුව අපට නිරීක්ෂණය වූයේ බහුතරයක් ගැහැණුන් ගණිකා වෘතියේ නියැලෙන්නේ දුගී බව නිසා නොව එය ඉතා පහසුවෙන් ඉහළ ආදායමක් ඉපැයිය හැකි රැකියාවක් නිසා බවය.

ගැහැණු ගණිකා වෘත්තියට පිවිසෙන්නේ පිරිමින්ගේ වරදින්ද?

මෙය තවත් ජනප්‍රිය මිත්‍යාවකි. ගණිකා වෘත්තියේ නොයෙදී ජීවිකාව සපයා ගත හැකි ඇති තරම් රැකියා විශේෂයෙන්ම ගැහැණුන් සදහා ලංකාවේ පවතී. ඇගලුම් ක්ෂේත්‍රය, පිරිසිදු කිරීමේ සේවා ක්ෂේත්‍රය සහ පුද්ගලික ආරක්ෂක සේවා ඉන් ප්‍රමුඛතම ක්ෂේත්‍ර තුනකි. එහෙත් ඒවායේ නියැලීමෙන් ගණිකා වෘත්තියේ ‍නියැලීමෙන් ලබන ආදායම තරම් ඉහල ආදායමක් ලද නොහැකි අතරම ඒවා ගණිකාවෘත්තියට වඩා වෙහෙසකර සේවා ක්ෂේත්‍ර බව අප සම්මුඛ පරීක්ෂණවලට බදුන් කළ බොහෝ ගණිකාවන්ගේ අදහස විය. මීට අමතරව ගුරුවෘත්තිය, හෙද වෘත්තිය, සහ වෙනත් රජයේ සහ පෞද්ගලික රැකියාවන්හි නියුතු ස්ත්‍රීන් ප්‍රමානයක්ද රැකියාවට අමතරව අර්ධකාලීනව ගණිකා වෘත්තියෙහි නියැලෙයි. ඒ අනුව පෙනී යන්නේ ඇතැම් ගැහැනුන් ගණිකා වෘත්තියට යොමු වන්නේ පිරිමින්ගේ වරදක් නිසා නොව එය ඉතා පහසුවෙන් ඉතා ඉහළ ආදායම් ලැබිය හැකි වෘත්තියක් බැවිනි.

ගණිකාවන් කරා යන ලංකාවේ පිරිමි අශික්ෂිත අපරාධකරුවන්ද?

මෙය තවත් ජනප්‍රිය මිථ්‍යාවකි. ගණිකාව යනු මුදල් ඉපයීම සදහා කිසියම් සේවාවක් සපයන ව්‍යාපාරිකාවකි. ගණිකාව කරා යන පිරිමියා යනු සේවා ලාභියාය. පිරිමියා ගණිකාව කරා යන්නේ ඇය විවිධ පැකේජයන් යටතේ ලිංගික සේවා අලෙවි කරන බැවිනි. මෙහි කිසිදු පාර්ශවයක බල කිරීමක් නැත. ‍ඇතැමෙකු ප්‍රවාහන සේවා සපයයි. තවෙකෙකු වෛද්‍ය සේවා සපයයි. තවෙකෙකු අධ්‍යාපන සේවා සපයයි. තවෙකෙකු දුරකථන සේවා සපයයි. මුදල් ගෙවා මෙම සේවාවන් මිලදී ගන්නා පිරිමියා පාරිභෝගිකයෙකු වන අතර එපරිදිම ලිංගික සේවා සපයන ගණිකාවකගෙන් ලිංගික සේවා මිලදී ගන්නා ලංකාවේ පිරිමියා අපරාධකරුවෙකු වේ මෙහි ඇත්තේ මන්දබුද්ධික අපබ්‍රංශ තර්කයක් බව ඉතා පැහැදිලිය. ඒ අනුව ගණිකාවෘත්තිය යනු ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන අතර එහි සිටින්නේ විකුණන්නියක සහ මිළදී ගන්නකු විනා අහිංසකාවියක සහ අපරාධකරුවෙකු නොවේ.

ලොව බොහෝ රටවල ගණිකා වෘත්තිය මෙන්ම ගණිකා සේවනයද ඒ ඒ රජයන් විසින් නෛතිකව පිළිගෙන ඇති අතර ලොව සෑම සංවර්ධිත රටකම ගණිකා වෘත්තිය නීතිගත රැකියාවකි.

ගණිකාවන් කරා යන පිරිමි ඔවුන්ගේ රීරි මාංශ උරා බොන රාක්ෂයින්ද?

මෙය තවත් ජනප්‍රිය මිත්‍යාවකි. ගණිකාවක කරා යන පිරිමියෙකු හැසිරිය යුත්තේ ගණිකාව විසින් පනවනු ලබන කොන්දේසි අනුවය. යම් හෙයකින් ගණුදෙනුකරුවා මෙම කොන්දේසි නොපිළිපදින්නේ නම් ගණිකාව එසැනින් සිය ආරක්ෂකයින් කැදවා ගණුදෙනුකරුවාට දඩුවම් කිරීම හෝ සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. සමීක්ෂණ සදහා යොදා ගත් ඇතැම් ගණිකාවන් පවසන ලද ඇතැම් කොන්දේසි පහත පරිදිය. ලිංගික සබදතා පැවැත්වීමට පෙර සියලු මුදල් ගෙවා අවසන් කළ යුතුය. පිරිමියා උපත් පාලන කොපුවක් පැළදීම අනිවාර්ය වේ. ගණිකාව කොපමණ ප්‍රමාණයක් සිරුර නිරාවරණය කරනවාද යන්න මෙන්ම කොපමණ වේලාවක් සහ වාර ගණනක් සංසර්ගයේ යෙදෙනවාද යන්න තීරණය ‍කරන්නේ ගණුදෙනුකරුවා තෝරා ගන්නා පැකේජයට අනුවය. සංසර්ගයේදී ගණිකාව අකමැත්ත දක්වන ලිංගික ඉරියව් භාවිතා කිරීම පිරිමියාට තහනම්ය. මීට අමතරව ඉතා ඉහළ මිලගණන් අය කරන රංගන ක්ෂේත්‍රයේ මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ නියුතු ඇතැම් ගණිකාවන් පවසන පරිදි ඔවුන් තම ගණුදෙනුකරුවන්ට තම දෙතොල් සිපගැනීමට හෝ පියයුරු අතපතගෑමට ඉඩ නොදේ. මීට අමතරව හෝටල් කාමරයේ කුලිය, ගණිකාවගේ ආහාරපාන, මත්පැන්, දුම්වැටි සහ අදාළ කාලය තුළ ඇයට අවශ්‍ය වන අනෙකුත් දේවල් සදහාද පිරිමියා විසින් මුදල් ගෙවිය යුතුය. පිරිමියා ගණිකාවගේ රීරි මාංශ උරා බොනවාද නැතිනම් ගණිකාව පිරිමියාගේ රීරි මාංශ උරා ‍බොනවාද යන්න මෙහිදී ප්‍රවේශමෙන් සලකා බැලීමට සිදුවේ.

වෙනත් ජීවිකාවක් සපයන්නේ නම් කිසිදු ගණිකාවක් ගණිකා වෘත්තියෙහි නොයෙදේවිද?

මෙය සත්‍යයක් නම් ගංගොඩවිල පවත්වාගෙන යන ගණිකාවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබිය යුතුය. ඇතැම් ගැහැනුන් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු ගණිකා වෘත්තියෙන් බැහැර වෙති. එහෙත් බහුතරයක් ගණිකාවෝ වෙනත් රැකියාවක් වෙනුවෙන් තම වෘත්තිය අත හැරීමට මැලි වෙති. අපට හමු වූ බොහෝ ගණිකා නිවාස පාලිකාවෝ තම තරුණ වියේදී ගණිකාවන් ලෙස කටයුතු කළ අය වෙති. ලංකාවේ බහුතරයක් ගණිකාවන් තම ඉපැයීම් පිළිබදව තෘප්තිමත්ය.

ගණිකාවන් ලෙස හැඳින්විය හැක්කේ මුදලට ලිංගික සේවාවන් සපයන්නියන් පමණක්ද?

ගණිකාව යන පදයේ අරුත වඩා පුළුල් විය යුතුය යන්න අපගේ වැටහීමය. අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස සමාජ, ආර්ථික සහ දේශපාලන අවස්ථා ඩැහැ ගැනීම සඳහා ඍජු හෝ වක්‍රව සිය ලිංගිකත්වය භාවිතා කරමින් ලිංගික අල්ලස් පිරිනමන හෝ එසේ පිරිනැමිය හැකි බව අඟවන  කවර ගැහැණියක වුවද, ගණිකාව යන සංකල්පය තුළ අන්තර්ග්‍රහණය වේ. නිදසුනක් ලෙස ගැබිනියකට සමාජය ලබා දෙන විශේෂ අනුග්‍රහය සාධාරණ මෙන්ම යුක්ති සහගතය. එහෙත්  විභාග සාමාර්ථයක් හෝ රැකියාවක් නැතිනම් උසස්වීමක් ලබා ගැණීම සඳහා අසාධාරණ ලෙස සිය ස්ත්‍රීත්වය භාවිතා කර ලංගික අල්ලස් පිරි නමන්නියන්ද ගණිකාවන්ය.

මේ ලංකාවේ ගණිකාව පිළිබදව අප දුටු සම්පත් පැතිකඩයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉතා මෑතකදී කරන ලද 2010 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාව තුළ ගැහැණු ගණිකාවන් 47000 ක් පමණ සිටින බව හෙළි වී ඇත..

No comments:

Post a Comment